Daham Atuvawa channel logo Daham Atuvawa
  • Custom URL: @dahamatuvawa
  • Country: Sri Lanka 🇱🇰

  • YouTube channel type
  • Audience: 46.3K
  • Video Views: 8.46M
  • # videos: 1,118
  • Estimated Earnings: $2.11K - $33.83K
  • Category: Religion Society
  • Date Created: 2013-06-11
  • Date Updated: 2024-06-23
Audience activity: 182
Views per video: 7.57K
Audience growth speed: 11


කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය. - 🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහා අරහතුන් වහන්සේ. 🙏